මස්කෙළිය, ගවරවිල ජනපදයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ ...
මස්කෙළිය, ගවරවිල ජනපදයේ 15 හැවිරිදි පාසල් සිසුවියක් තම නිවස තුළදී ගෙල වැළලාගෙන මියගොස් ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ශෂිකුමාර් ක්‍රිෂාණි නමැති පාසල් සිසුවියකි.
අද (05) අලුයම 5.30ට පමණ අවදි වී තම දියණිය සොයන අවස්ථාවේ ඇය ගෙල වැළලාගෙන මියගොස් සිටි බව ඇගේ දෙමව්පියන් විසින් පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
මියගිය සිසුවියට තවත් එක් සොහොයුරෙක් පමණක් සිටින අතර එම දැරියගේ පියා විදේශගත රැකියාවක නිරතව මෑතකදී නිවසට පැමිණ ඇති බව පොලීසයි කියයි.
සිද්ධිය පිළිබඳ මස්කෙළිය පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS