දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් පසුගියදා ආරම්භ කළ ප්‍රමාදවී සේවයට වාර්තා කිරීමේ වෘත්ත...
දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් පසුගියදා ආරම්භ කළ ප්‍රමාදවී සේවයට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (28) දිනයේත් ක්‍රියාත්මක කර තිබේ.
හැටන් සහ නොර්වුඩ් ප්‍රදේශවල වතුකම්කරුවන් උදෑසන 08.00 සිට 10.00 දක්වා මෙලෙස විරෝධතාවයේ නියැලීමෙන් අනතුරුව තේ දළු නෙලීමේ කටයුතු සඳහා යොමුවීම නිසා තේ වතු සමාගම් දැඩි අර්බුධයකට පත්ව ඇති බව වාර්තා වේ.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයින් ආරම්භ කර ඇති මෙම වැඩවර්ජනය හා උද්ඝෝෂණය නතර කර සාකච්ඡා මාර්ගයෙන් පොරෙන්දු වූ රුපියල් 1,000 වැටුප ලබාදෙන ලෙස බලකරමින් සෙසු වෘත්තීය සමිති සාමාජිකයින් නොර්වුඩ් ප්‍රදේශයෙන් තවත් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.
ඔවුන් අවධාරණය කර සිටින්නේ සාකච්ඡා මාර්ගයෙන් වැටුප් වැඩිකිරීම සිදුකළ යුතු බවත් මෙවැනි උද්ඝෝෂණ සිදුකිරීමෙන් තේ ආර්ථිකය තවත් කඩා වැටීමේ අවධානමකට ලක්වී ඇති බවත්ය.
මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් අද උදෑසන කාලයේ හැටන් - බලගන්තලාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුද ඇණහිට තිබුණි.
ඡායාරූප පහතින්.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS