ඊයේ (04) කුරුණෑගලදී පවත්වනු ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උළෙල ඉතා සාර්ථකව පැවති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අම...
ඊයේ (04) කුරුණෑගලදී පවත්වනු ලැබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සර උළෙල ඉතා සාර්ථකව පැවති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ පක්ෂයේ ඇතැම් පිරිස් බාධා විවිධ බාධා එල්ල කළද සංවත්සර උළෙල අති සාර්ථකව පවත්වා අවසන් කළ බවය.
ඊයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සංවත්සරය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළ අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ නිදහස් පක්ෂයේ සාර්ථකභාවය සංවත්සර උළෙලට පැමිණෙන පිරිසගෙන් මැනිය නොහැකි බවයි.
COMMENTS