ශ‍්‍රී ලංකාවේ පිරිමින් අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරය...
ශ‍්‍රී ලංකාවේ පිරිමින් අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) මහරගම අපේක්ෂා රෝහලේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,"මතින් සහ දුමෙන් මෙන්ම පිළිකාවෙන් තොර දේශයක් නිර්මාණය කිරිම සදහා සියළු දෙනා කැපවිය යුතුයි. මෙය නොනවතින අරගලයක්. බාධක මැද ඉදිරියට යා යුතුයි. අද ජතික වශයෙන් දුම්වැටිය සදහා බදු පනවා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සහ ජනාධිපතිතුමාගේ උපදෙස් මත දුම්වැටියට වැට් බදු ක‍්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරුනා. දුම්වැටි මිල ද ඉහළ දමා තිබෙනවා. ලෝකය පුරා මිලියන 14.1 ක් පිළිකා රෝගීන් අලුතෙන් වාර්තා වෙනවා. ලෝක සංඛ්‍යාලේඛණ වලට අනුව ළය පිළිකාව ප‍්‍රථම ස්ථානයට පත්ව ඇතත්, මුඛ පිළිකාව ඇත්තේ ඉතාම පසුපසින්. නමුත් ශ‍්‍රී ලංකාවේ පුරුෂ පක්ෂය අතර මුඛ පිළිකාව ප‍්‍රමුඛස්ථානයේ තිබීම කණගාටුවට කරුණක්. මෙය වළක්වා ගත යුතුයි." යැයි පැවැසිය.
COMMENTS