දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වියලි කාලගුණය තවදුරටත් - විශාල ජනතාවක් පීඩාවට
Homeප්‍රවෘත්ති

වියලි කාලගුණය තවදුරටත් - විශාල ජනතාවක් පීඩාවට

PropellerAds

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල ජනතාවක් පීඩාවට පත් වී ඇත. ඒ අනුව මෙම වියලි කාළගුණ ත...

මිලදී ගන්න සල්ලි නෑ... ආහාර ඉල්ලුම පහත වැටෙයි... මිනිස්සු කඩවලට යාම පහළ යයි.. නිෂ්පාදනය අඩු වෙයි.. රස්සා නැතිවීම වැඩි වෙයි - මහබැංකුවෙන් දාපු අලුත්ම බය හිතෙන වාර්තාව!
මම වියදම් කරන්නේ මගේ පෞද්ගලික මුදල් - එතෙර සිටින හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක්!
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙක් අනිවාර්යයෙන් ඉන්නවා... මෛත්‍රීපාලගෙන් මම ප්‍රශ්න කළා... බොරු ගොඩක් කිව්වා - ෆීල්ඩ් මාෂල්ගෙන් තවත් හෙළිදරව්වක් (VIDEO)
වියලි කාලගුණය තවදුරටත් - විශාල ජනතාවක් පීඩාවට

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල ජනතාවක් පීඩාවට පත් වී ඇත.

ඒ අනුව මෙම වියලි කාළගුණ තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 6000කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබේ.

ඒෂියන් මිරර් කළ සංචාරයේදී පොළොන්නරුව, සෝමාවතිය, ලංකාපුර, හිඟුරක්ගොඩ, තමන්කඩුව ආදී ප්‍රදේශවල දැඩි වියලි කාළගුණ තත්ත්වය නිසා ජලය නොමැති කමින් විශාල ජනතාවක් පීඩාවට ලක් වී ඇති බව අනාවරණ විය.

විශේෂයෙන් අද පොහෝ දිනය හේතුවෙන් පොළොන්නරුව, සෝමාවතිය ප්‍රදේශවලට විශාල පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ තිබුණද ඔවුන්ට අවශ්‍ය ජලය ලබාදීම අඛණ්ඩව සිදු කර තිබෙනු දක්නට ලැබිණ.

වැලිකන්ද, ලංකාපුර, දිඹුලාගල සහ තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගම්මානවල ජනතාව පීඩාවට ලක්ව ඇත.

වියලි කාලගුණ තත්ත්වයත් සමග  ගම්මානවල පවතින ළිං මෙන්ම ජල මූලාශ්‍ර රැසක් සිදීයාමට ලක්ව තිබේ. 

පානීය ජල ගැටළුවට මුහුණදී සිටින පොලොන්නරුව දිස්ත්‍රික් ජනතාව සඳහා ආපදා ඒකකය මැදිහත්ව ජල බවුසර් මගින් බීමට ජලය ලබාදීමට  පියවර ගෙන ඇතත් එය ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශවාසීන් පවසති.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින්විට හමන තරමක් තද සුළං (පැ.කි.මී. 50-55 පමණ) තවදුරටත් බලාපොරොත්තු වන බවයි. 

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් තැනින් තැන සිහින් වැසි ඇති විය හැකි බවත් උතුර සහ ඌව පළාත්වලත්, මඩකළපුව  සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි  ඇති විය හැකි බවත් කාළගුණ වාර්තාවේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

පවතින වියළි කාලගුණයත් සමඟ දිවයිනේ ඇතැම් ජලාශවල ජල මට්ටම 35% ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් සමස්තයක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශවල ප්‍රමාණවත් ලෙස ජලය පවතින බවත් ගංගාවල ජල මට්ටමද එලෙසම පහළ මට්ටමක පවතින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වියලි කාලගුණය තවදුරටත් - විශාල ජනතාවක් පීඩාවට
වියලි කාලගුණය තවදුරටත් - විශාල ජනතාවක් පීඩාවට
http://ift.tt/2cLKSVi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy