පළාත් සභා තුනක මැතිවරණය ලබන වසරේ මැද කාලයේ පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසූයේ ඊයේ (06)පස්වරුවේ ...
පළාත් සභා තුනක මැතිවරණය ලබන වසරේ මැද කාලයේ පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසූයේ ඊයේ (06)පස්වරුවේ කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතාගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඒ අනුව උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර යන පළාත් සභාවල මැතිවරණ පවත්වන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
තවත් මාස කිහිපයකින් පළාත් පාළන මැතිවරණය පවත්වන බවත් ඒවා ජය ගැනීම තම අරමුණ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේය.
එම අවස්ථාවට එක්වෙමින් ප්‍රධාන සංවිධායක ජනක රණවක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන සාමාජිකයන්ට තම සංවර්ධන කටයුතුවකදී පසුගිය රජය බාධා කළ බවත් ඔවුන්ට නිදහස ලැබී ඇත්තේ දැන් බවත්ය.
COMMENTS