බන්ධනාගාර නියාමකවරයෙකුට ඊයේ(09) රාත්‍රීයේදී බොරැල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි. ඔහු මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට විහාරස්ථාන...
බන්ධනාගාර නියාමකවරයෙකුට ඊයේ(09) රාත්‍රීයේදී බොරැල්ල ප්‍රදේශයේදී පහරදීමේ සිද්ධියක් වාර්තා වෙයි.
ඔහු මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට විහාරස්ථානයකට ගොස් යළි එමින් සිටියදී එම පහරදීම සිදුව ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ විනය අංශය භාරව කටයුතු කළ බන්ධනාගාර නියාමකවරයෙකි.
කෙසේ වෙතත් පරදීමට හේතුව හෝ පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණය වී නොමැත.
පහරකෑමට ලක් වූ බන්ධනගාර නියාමකවරයා කැපුම් තුවාල සහිත ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS