මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද කටයුතු කරන්නේ ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ න්‍යාය පත්‍රයට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්ත...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අද කටයුතු කරන්නේ ජගත් මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ න්‍යාය පත්‍රයට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, "සිරිසේන මහත්තයා අද කරන්නේ මූන්ගේ න්‍යාය පත්‍රය. අද කරගෙන යන්නේ මූන් ගේ වැඩ පිළිවෙල. මූන් ගිය ගමන් සිරිසේන මහත්තයා මාධ්‍ය ප්‍රධානින් කැදවලා කියනවා, මූන් මහත්තයාට මම කිව්වා ලංකාවේ හරියට අන්තවාදීන් ඉන්නවා. ඒ අපිට කියන්නේ. අන්තවාදීන්ගෙන් මට හරිම කරදරයි. ඒක නිසා තමුන්නාසේලා කියන වේගයෙන් මේ වෙනස කරගෙන යන්න බෑ. ඒක නිසා මම වෙනස හෙමිහිට කර ගෙන යන්නේ. මට ඒකට තව කාලය ඕනේ. මේකෙන් පෙන්නේ මූන් මහත්තයා භාර දුන්න වැඩේ හරියට කරගන්න බැරි වෙලා තියෙනවා කියලා. ඒ නිසා නහයෙන් අඩනවා මට තව ටිකක් කාලය දෙනු මැනවි කියලා"යි පැවසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ,"මූන් එනවා කිව්ව ගමන් මංගල සමරවීර මැතිතුමා යාපනයේ ගිහින් කියනවා, ෆෙඩරල් ව්‍යවස්ථාව නොවැම්බර් වෙනකොට පාර්ලිමේන්තුවට ගෙන එනවා කියලා. ජනාධිපතිවරණයට එන්න කලින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරලා ජනවරමක් ඉල්ලුවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ ද අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා, අතුරුදහන් වුවන්ගේ කාර්යාලයක් පිහිටුවනවා කියලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුලු හමුදා නිලධාරීන්ට එරෙහිව නඩු දානවා කියලා, රණවිරුවන් යුධ අපරාධ අධිකරණයට ගෙනි යනවා කියලා, නෑ. අද සිරිසේන මහත්තයා ඇයි මේවා කඩි මුඩියේ කරන්නේ? අපිට දුන්න පොරොන්දු පත්‍රයේ ඒවා නොතිබුණාට සුද්දට, බෙදුම්වාදීන්ට දුන්න පොරොන්දු පත්‍ර ඒවා තියෙනවා. ඒක නිසා තමයි මූන් මහත්තයා සැරින් සැරේ ඇවිත් ප්‍රගති වාර්තාව ඉල්ලන්නේ. ඇමරිකාවේ බිස්වාල් නෝනා ලෝකයේ කොහේ ගියත් ලංකාවට ඇවිත් යන්නේ සිරිසේන ගොයියෝ කෝ ප්‍රගතිය කියලා අහන්නේ ඒ නිසා. අද අපේ ජනතාවගේ ජනවරමට පිටින් යමින් සුද්දගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා." යනුවෙනි.
COMMENTS