දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මහින්ද මැලේසියා ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්න' - මොරටුව හිටපු උප නගරාධිපති
Homeප්‍රවෘත්ති

'මහින්ද මැලේසියා ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්න' - මොරටුව හිටපු උප නගරාධිපති

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වන සම්මේලනයට සහභාගි නොවී මැලේසියාවට ගියේ පක්‍ෂ සම්මේලනයට ලැබෙන ප්‍රසිද්ධිය...

යුරෝපා කොටි ජාලයේ 10ක් ලංකා රජයේ සල්ලිවලින් අමෙරිකාවේ සැප ගනී? විමල්ගෙන් හෙළිදරව්වක් (VIDEO)
GMOA ඇමති අකිලට අභියෝග කරයි (VIDEO)
මෛත්‍රීට ජාත්‍යන්තරයේ පිළිගැනීම ඉහළයි - ඇමති මංගල
'මහින්ද මැලේසියා ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්න' - මොරටුව හිටපු උප නගරාධිපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ 65 වන සම්මේලනයට සහභාගි නොවී මැලේසියාවට ගියේ පක්‍ෂ සම්මේලනයට ලැබෙන ප්‍රසිද්ධිය යටකර ඒ මහතාට කොටි ඩයස්‌පෝරාවෙන් එල්ලවන බලපෑමට වැඩි ප්‍රසිද්ධියක්‌ ලබා ගැනීමට යැයි මොරටුව මහ නගර සභාවේ හිටපු උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහා පසුගියදා මොරටුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වන සමුළුව කුරුණෑගල අති සාර්ථක ලෙස පැවැත්වූවා. සමහරු හිතුවා මේකට ජන සහභාගීත්වය අඩුවෙයි කියලා. නමුත් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් පැවැති රැස්‌වීමට පැමිණි ජනකාය දෙස බලනකොට ගමේ පක්‍ෂ සාමාජිකත්වය පක්‍ෂය සහ පක්‍ෂ නායකත්වය වටා සිටින බව පෙනී ගියා.

මේ නිසා හිටපු ජනාධිපති යම් සිත්තැවුලකින් සිටින බව පෙනී යනවා. ඒ මහතා මැලේසියාවට යාම ගැනත් අපිට පොඩි සැකයක්‌ තිබෙනවා. මැලේසියාව තමයි කොටි ඩයස්‌පෝරාව ශක්‌තිමත්ව සිටිය රට. ඒ රටේ අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා ඇතිවන බව දැනගෙන හිටියා. මෙහිදී ඒ මහතා කරුණු දෙකක්‌ මුල්කර ගත්තා. එකක්‌ තමයි පක්‍ෂ සම්මේලනයට නොයැම. ඊළඟ එක පක්‍ෂ සම්මේලනයට නොගොස්‌ පක්‍ෂ සම්මේලනයට මෙරටදී ලැබෙන ප්‍රසිද්ධියට වඩා වැඩි ප්‍රසිද්ධියක්‌ මැලේසියාවේ එල්ටීටීඊ ඩයස්‌ පෝරාවෙන් ලැබෙන විරෝධයට ප්‍රචාරයක්‌ ලබා ගැනීම. නමුත් එම උත්සාහය අසාර්ථ වුණා.

දැන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය විසුරුවා හැර ශ්‍රී ලංකා එක්‌සත් ජාතික පෙරමුණක්‌ ඇතිකර ගන්නා ලෙස කියා තිබෙනවා. මම කියන්න කැමතියි 2006 වසරේ එක්‌සත් ජාතික පක්‍ෂය සමග මුලින්ම ගිවිසුම් ගතවුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එදා කිව්වේ දකුණු ආසියාවේ අලුත් ගමනක්‌ යන්න මුල පිරුවා කියලයි.

“එදා ඒ ගිවිසුම හරිගිය නැති නිසා එක්‌සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ පක්‍ෂයට එක්‌කර ගන්න කටයුතු කළා. අද ඒකාබද්ධ විපක්‍ෂයේ කියලා කෑ ගහන්නේ ඒ පිරිසයි. ඒකාබද්ධ විපක්‍ෂයේ කියලා කෑ ගහන්නේ නියම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පිරිසද? මේකේ බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ අය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අයද? මේ අයත් එක්‌කද මහින්ද මහත්තය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රතිපත්ති ආරක්‍ෂා කරගෙන ඉදිරියට යන්නට හදන්නේ.

එදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැඩුණා. අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌කරගෙන ශක්‌තිමත් කරනවා. එදා 2015 ජනාධිපතිවරණයට නම් කරපු ගමන් ජාතික හෙළ උරුමයත් එක්‌ක පොදු අපේක්‍ෂකයාට සහය දෙන්න තමයි ගම්මන්පිල මහත්තය එළියට බැහැල හිටියේ. පසුවයි නැවත හිටපු ජනාධිපතිවරයා සමග එක්‌වුණේ. ගම්මන්පිල මහත්තය පාර්ලිමේන්තුවට ගියෙත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඡන්දවලින්. නමුත් ඒ මහත්තයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයවත්, පක්‍ෂ අර්බුදයන්වත් කතා කරන්න අවස්‌ථාව දීලා නැහැ. කතා කරන්න අයිතියකුත් නැහැ. ඒ මහතාට දැන් පිවිතුරු හෙළ උරුමයේ වැඩ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා.“ යැයි සුජිත් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මහින්ද මැලේසියා ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්න' - මොරටුව හිටපු උප නගරාධිපති
'මහින්ද මැලේසියා ගියේ වැඩි ප්‍රසිද්ධියක්‌ ගන්න' - මොරටුව හිටපු උප නගරාධිපති
http://ift.tt/2cK3W6r
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy