ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ සංහිඳියාවේ පා ගමන ඊයේ (07) හම්බන්තොට නගරයට පැමිණීමෙන් නිමාවිය. පසුගිය 24 වැ...
ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සංවිධානය කර තිබූ සංහිඳියාවේ පා ගමන ඊයේ (07) හම්බන්තොට නගරයට පැමිණීමෙන් නිමාවිය.
පසුගිය 24 වැනි දින යාපනයේ නාග විහාරයෙන් ඇරඹි මෙම පා ගමන ඊයේ සවස හම්බන්තොට නගරයෙන් නිමාවට පත් කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ විධායක පරිපාලන අධ්‍යක්ෂ මහාචාර්ය ඩී. එස් ජයන්ත කළුබෝවිල මහතා ප්‍රකාශ කළේය.
උතුරේ සිට දකුණ දක්වා වූ මෙම සංහිඳියාවේ පා ගමන ආරම්භ කරනු ලැබුවේ එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ශ්‍රී ලංකාවට පනවා ඇති විවිධ තහංචි ඉවත් කර දෙන ලෙස ඉල්ලිමක් කිරීමටත් මේ වනවිට රට තුළ ජාතින් අතර සංහිඳියාවක් තිබෙන බව පෙන්වීම සඳහා බවත් කළුබෝවිල මහතා එහිදී සඳහන් කලේය.
ඊයේ උදෑසන බෙලිඅත්ත නගරයෙන් ඇරඹි මෙම පා ගමන රාත්‍රිය වනවිට හම්බන්තොට නගරයෙන් නිමාවට පත්විය.
එහිදී පැමිණි පිරිස පිළිගැනිම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්. එච් කරුණාරත්න මහතා විසින් සිදු කරන ලදී.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS