ප්‍රශ්න හා අර්බුද හමුවේ නොසැළී එක්සත් ජාතික පක්ෂය වසර 70 ක් ඉදිරියට ගෙන ගිය අයුරින් ශ්‍රී ලංකාව අනාගත දියුණු ලෝකයට රැගෙන යාම සඳහා මූලික වී...
ප්‍රශ්න හා අර්බුද හමුවේ නොසැළී එක්සත් ජාතික පක්ෂය වසර 70 ක් ඉදිරියට ගෙන ගිය අයුරින් ශ්‍රී ලංකාව අනාගත දියුණු ලෝකයට රැගෙන යාම සඳහා මූලික වී ක්‍රියා කරන බව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (04) එක්සත් ජාතික පක්ෂයේ බියගම - මල්වාන ප්‍රවර්ධන වැඩසටහනට එක් වෙමිනි.
ප්‍රථම අගමැති ඩී.එස්. සේනානායක මහතා සියළු ජාති ආගම් ඒකරාශී කරමින් බිහි කළ පක්ෂයේ ඉදිරි ගමන කිසිදිනක නොනවත්වන බවත් එම ඉදිරිගමන තවත් ශක්තිමත් කිරීම සඳහා වසර දෙකක් ඇතුළත් පක්ෂය දැවැන්ත ප්‍රතිසන්ධානයකට ලක් කරන බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
COMMENTS