දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රීන්ගේ රට සවාරිය ජනපති අත්හිටුවයි - මුල් මන්ත්‍රී කණ්ඩායම යයි
Homeප්‍රවෘත්ති

මන්ත්‍රීන්ගේ රට සවාරිය ජනපති අත්හිටුවයි - මුල් මන්ත්‍රී කණ්ඩායම යයි

PropellerAds

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ රුසියානු සංචාරය සම්බන්ධව අප්‍රසාදය පලකරමින් ඊට අවසර දීම පිළිබදව ජනපති මෛත්‍රිපාල සි...

ස්වර්ණවාහිනී ගොඩනැගිල්ල විකුණලා!
ලසන්ත ගැන ෆොන්සේකාගෙන් CID ප්‍රකාශයක්
"මා දෑසේ වේදනා" ගැයූ රෝයි දිවියෙන් සමුගනී
මන්ත්‍රීන්ගේ රට සවාරිය ජනපති අත්හිටුවයි - මුල් මන්ත්‍රී කණ්ඩායම යයි

මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ රුසියානු සංචාරය සම්බන්ධව අප්‍රසාදය පලකරමින් ඊට අවසර දීම පිළිබදව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (26) රාත්‍රියේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගෙන් කරුණු විමසා එම සංචාරයේ නිරතවීමට නියමිත දෙවන කණ්ඩායමේ ගමන වහා අත්හිටුවන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

තමන් ලොව කොතැන සිටියත් මේ ආකාරයේ රාජ්‍ය මුදල් අති විශාල ප්‍රමාණයක් වැයකර මන්ත්‍රීවරුන් විදෙස් සංචාරයක නිරතවීමට කටයුතු කිරීම පිළිබඳ අවසර දීමට පෙර දැනුවත් කිරීමට තිබූ බව ද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී ඇත.

කාණ්ඩ දෙකක් වශයෙන් රුසියානු සංචාරයේ නිරත මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් හා රාජ්‍යය නිලධාරීන්ගේ ප්‍රථම කණ්ඩායම අද (27) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන අතර ඊට මන්ත්‍රීවරු 28 දෙනකු හා එක් නිලධාරීයකු ඇතුළත්ව තිබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසන්නේ මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රින් හතලිස්දෙනෙකු රුසියාවේ සංචාරයට යාම ජනපති අනින් නතර කරන බවයි.

එහි මුල් කණ්ඩායමේ මන්ත්‍රින් විසිදෙනෙක් රුසියා යාමට දැනටමත් කටුනායක ගුවන්තොටුපලට ගොස් සිටී. ජනපතිවරයා නිව්යෝර්ක් නුවර සිට කොළඹට පැමිණි වහාම තමාට කතා කොට දොස් කිව් බව ආණ්ඩුකාරවරිය පැවසුවාය. මෙම ගමන ගැන තමාට නොකීවේ මන්දැයි ජනපතිවරයා ආණ්ඩුකාරවරියගෙන් විමසා ඇත.

ඇය පවසා ඇත්තේ ජනපතිගේ අවසරය වාචිකව ලැබුනු බවට මධ්‍යම පළාත් මහ ඇමති ලිඛිතව තමාට දැනුම් දුන් නිසා තම අනුමැතියද ඊට ලබාදුන් බවයි.

දැනට ගුවන්තොටුපොලට ගොස් සිටින මුල් කණ්ඩායමේ චාරිකාව නතර නොකරන ලෙසටත් දෙවැනි කණ්ඩායමේ ගමන නතතර කරන ලෙසටත් මින්පසුව චාරිකා සඳහා අවසර නොදෙන බවත් තමාට දැනුම් දුන් බව ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

කෙසේ වෙතත් මින් ඉදිරියට මේ අකාරයේ විදෙස් සංචාර සඳහා මන්ත්‍රීවරු සහභාගී වන්නේ නම් ඒ පිළිබද තම දැනුවත් කිරීමෙන් තොරව අවසර නොදෙන ලෙසද ජනපතිවරයා ආණ්ඩුකාරවරියට දැනුම්දී තිබේ.

මේ අතර මෙම විදෙස් සංචාරය සඳහා රුපියල් කෝටි හයහමාරක මුදලක් ඇස්තමේන්තු කර තිබුණත් ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් කපා හැර තිබිණි.

මධ්‍යම පළාත් සභාව මුදල් අර්බුදයකටද ලක්ව ඇතැයි වාර්තා වන අතර මෙවැනි අවස්ථාවක කෝටි ගණන් මුදල් වැය කරමින් විදෙස් සංචාරවල නිරත වීම කොතෙක් දුරට සාධාරණ දැයි ජනතාව ප්‍රශ්න කරති.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රීන්ගේ රට සවාරිය ජනපති අත්හිටුවයි - මුල් මන්ත්‍රී කණ්ඩායම යයි
මන්ත්‍රීන්ගේ රට සවාරිය ජනපති අත්හිටුවයි - මුල් මන්ත්‍රී කණ්ඩායම යයි
http://ift.tt/2cRcBAO
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_434.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_434.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy