ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 03ක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ න...
ව්‍යාජ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 03ක් සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ඒ, පසුගිය 2015 වසරේ ජනවාරී මාසයේ 08 වැනිදා පැවති ජනාධිපතිවරණයට පෙර ව්‍යාජ ලේඛන සැකසීම, ජාතීන් අතර වෛරී සහගත තත්ත්වයක් ඇති කිරීම හා ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑම් කිරීම යන චෝදනා මතයි.
මේ අතර රගර් කී‍්‍රඩක වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථානගත වූයේ යැයි කියන සිද්ධියකට තමා අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 වැනිදා සලකා බැලීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) තීන්දු කර ඇත.
COMMENTS