එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි මහා සමුළුව අද (10) පෙරවරු 9ට කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සියලු සූදානම් කර තිබේ...
එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි මහා සමුළුව අද (10) පෙරවරු 9ට කොළඹ බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය සියලු සූදානම් කර තිබේ.
"ජනතාවට සෞභාග්‍ය අත්කර දෙමු" යන තේමාව යටතේ එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන එජාප සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වීම සුවිශේෂී කරුණකි.
70 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය 3 වැනිදා සිට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා ඉස්ලාම් ආගමික වැඩසටහන්, ප්‍රවර්ධන වැඩසටහන්, ප්‍රජා සත්කාරක සේවාවන් ඇතුළු විවිධාංග රැසක් මෙන්ම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒවාට මැති ඇමැතිවරුන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්, විදේශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
එජාපයේ ආර්ථික ප්‍රවර්ධන සැලැස්ම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළුවේදී සිදුකිරීමට නියමිත අතර පක්ෂය ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට අදාළ යෝජනා කිහිපයක්ද එහිදී සම්මත කර ගැනීමට නියමිතය.
එජාප ශාඛා බල මණ්ඩල නියෝජිතයන්, කාන්තා හා තරුණ සමිති, යෞවන සමාජ, ජාතික සේවා සංගමය, යොවුන් සමාජ, ලක්වනිතා පෙරමුණ ඇතුළු එජාපයට අනුබද්ධ සමිති සමාගම් හා ආයතන නියෝජනය කරමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ මහ සමුළුවට සහභාගි වීමට නියමිතය.
COMMENTS