බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 02ක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන...
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 02ක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සේදවත්ත සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන්නන් බවයි.
සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වූ තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහොමඩ් සුලෙයිමාන් මහතා සැළසුම් සහගත ලෙස ඝාතනය කර ඇති බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් මහතා පසුගිය 21 වනදා රාත්‍රියේ පැහැර ගැනීමට ලක්වූයේ බම්බලපිටිය - කොතලාවල - ඇවනිව්හි පිහිටි සිය නිවස අසල දීය.
ඔහුගේ මළ සිරුර මාවැනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්න ප්‍රපාතයක තිබී පසුගිය 24 වනදා සොයාගැනුණි.
COMMENTS