රත්නපුර මහා සමන් දේවාලයේ අවසන් මහා පෙරහැර ඊයේ පැවැත්වුණි. පෙරහැර ආරම්භ වීමට මොහොතකට පෙර එයට සහභාගී වීමට සිටි ඇතෙකු කුළප්පු වී තිබේ. මෙම ...
රත්නපුර මහා සමන් දේවාලයේ අවසන් මහා පෙරහැර ඊයේ පැවැත්වුණි.
පෙරහැර ආරම්භ වීමට මොහොතකට පෙර එයට සහභාගී වීමට සිටි ඇතෙකු කුළප්පු වී තිබේ.
මෙම සිදුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණ සිටි බැතිමතුන් කලබල වී ඇති අතර සිද්ධියෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති අතර ඉන් එ් අතර සිටි එක් කාන්තාවක් රෝහලේ දී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි වියෙහි පසු වූ කාන්තාවකි.
COMMENTS