මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (08) රාත්‍රි වීදි සංචාරය කිරීම ආරම්භ විය. ඊයේ ඇරඹුණු පෙරහැර...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර ඊයේ (08) රාත්‍රි වීදි සංචාරය කිරීම ආරම්භ විය.
ඊයේ ඇරඹුණු පෙරහැර මංගල්‍යය ලබන 18 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊයේ රාත්‍රී 7.12ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කළේය.
19 වැනි වරටත් ශ්‍රී දළදා කරඬුව වැඩම කරවන්නට වාසනාව උදාකරගත් නැඳුන්ගමුවේ රාජා හස්තියා වැලිවේරිය රතුපස්වල පිහිටි තම හාම්පුතාගේ නිවසින් මහනුවර බලා පිටත්වූයේ පසුගිය 01 වැනිදාය.
ඒ අනුව නඳුන්ගමුවේ රාජා දින 7ක ගමනකින් මහනුවරට ළඟාවූයේ පූර්ණ පොලිස් සහ හමුදා ආරක්ෂාව යටතේය.
වීඩියෝව පහතින්.
COMMENTS