වැට් බදු පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බවට කිසිඳු එකඟතාවක් මෙතෙක් ඇති වී නොමැති බවත් අද (08) දිනයේ දී ඒ සම්බන්ධයෙන් පක්ෂ ...
වැට් බදු පනත් කෙටුම්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දෙන බවට කිසිඳු එකඟතාවක් මෙතෙක් ඇති වී නොමැති බවත් අද (08) දිනයේ දී ඒ සම්බන්ධයෙන් පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරන බවත් ඉන්පසු ඒ පිළිබඳ තීන්දුව ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) බදුල්ලේ පැවති ජන හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන්න කැමතියි කියලා කව්රුහරි කියනවා නම් ඒක සම්පූර්ණ බොරුවක්. මුසාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මුතිවාදි ආණ්ඩුවේ ඉන්න අපි වැට් බද්ද මේ විදියටම ගෙන යන එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඒ සංශෝධනය ගැන හෙට සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවෙන් පස්සෙ තමයි අපි වැට් බදු පනත පිළිබඳව අපේ තීන්දුව වුනත් කියන්නේ. තීන්දුව කීමටත් පෙර මේ විදියට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම වැරදිය. මම ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශකයා හැටියට වගකීමෙන් යුතුව එවැනි ප්‍රකාශ හෙළා දකිනවා" යි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS