ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ 'ජන සටන' පාද යාත්‍රාවට ජනතාවගේ සහභාගීත්වයක් නොතිබූ බවත් ඒ බව තමන් හෙලිකොප්ටරයක ගමන් කරමින් ගුවනේ සිට නිර...
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ 'ජන සටන' පාද යාත්‍රාවට ජනතාවගේ සහභාගීත්වයක් නොතිබූ බවත් ඒ බව තමන් හෙලිකොප්ටරයක ගමන් කරමින් ගුවනේ සිට නිරීක්ෂණය කළ බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (02) පැවැති මධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"මම එදා පොළොන්නරුවේ ඉඳන් හෙලිකොප්ටරේ ආවේ. අපි පාද යාත්‍රාවට ඉහළින් ගියා. සෙනග යාර සීයක්වත් දුර හිටියේ නෑ. රථ පෙළපාළියේ වාහන සීයක් විතර තිබුණා. මං ඇස් දෙකෙන්ම දැක්කා. අපි උඩ ඉඳන් බැලුවේ. ජනතාව ඉන්නවා කියලා පෙන්වන්න ඡායාරූප හදන්න පුළුවන් ඕන විදියට. ඒ සඳහා ක්‍රම සහ විධි තියෙනවා. ජාතික මැතිවරණ දෙකක් ගිය අවුරුද්දේ තිබුණා.
අයවැය තුනෙන් දෙකෙන් පැරදුණු වෙලාවේ, විශ්වාසභංගය 145කින් අපි දිනපු වෙලාවේ ආණ්ඩුව වට්ටන්නේ කොහොමද? ඒක විහිළුවක්. ඒ අය උසාවි තීන්දුව කැඩුවා. ගැටඹේ හන්දිය තියෙන්නේ නගර සභා සීමාවේ. එතනින් ආරම්භ කළ නිසා අධිකරණ තීන්දුව උල්ලංඝනය කරලා තියෙනවා. ඒ සඳහා පොලීසිය, අධිකරණය පියවරක් ගතයුතුයි. පොලීසිය ක්‍රියාත්මක කළේ නැත්නම් පෞද්ගලිකව මැදිහත් වෙන්න පුළුවන්" යැයි කියාසිටියේය.
වීඩියෝව පහතින්.
COMMENTS