වැසිකිළියේ සිදු කළ යුතු කාර්යය කෑම කාමරයේ සිදුකිරීම සදාචාර සම්පන්න නොවන්නා සේම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදු කළ හා නොකළ ය...
වැසිකිළියේ සිදු කළ යුතු කාර්යය කෑම කාමරයේ සිදුකිරීම සදාචාර සම්පන්න නොවන්නා සේම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු සභා ගැබ තුළ සිදු කළ හා නොකළ යුතුදේ හඳුනා නොගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ලැජ්ජාවට පත්වන බවත් කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියේය.
පාර්ලිමේන්තුවේ ගරු කටයුතු මන්ත්‍රීවරුන් යන ගෞරව නාමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වන වගකීම පැවරෙන්නේ ද මන්ත්‍රීවරුන්ටම බව අවධාරණය කළ කතානාකවරයා පාර්ලිමේන්තුව තුළ මෙවන් දෙයක් සිදුවීම සම්බන්ධයෙන් සියල්ලන්ම කණගාටුවිය යුතු බව ද පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS