පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. පොලිස්පතිවරයා නීතිය නවා ඇත්තේ කෙසේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේවන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.
පොලිස්පතිවරයා නීතිය නවා ඇත්තේ කෙසේදැයි තමන් එළියට ඇවිත් කියන්නම් යැයි එහි සිටි මාධ්‍යවේදීන්ට පවසා මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තුළට ගොස් ඇතැයි වාර්තා වේ.
පෞද්ගලික සමාගමකින් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව මෙම කැඳවීම සිදුකර ඇතැයි වාර්තාවේ.
මේ අතර රග්බි ක්‍රීඩාවේ උන්නතියට යැයි පවසමින් එක්තරා සමාගමකින් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවාද්‍ය පරිහරණයට යොදා ගත් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කෝටඨාසය විසින් පරීක්ෂණ පවත්වයි.
COMMENTS