CSN නාලිකාව නීති විරෝධීව ආයෝජනය කළ බව කියන රුපියල් මිලියන 157.5ක මුදලක් රාජසන්තක කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) අවසර දුන්නේ ය...
CSN නාලිකාව නීති විරෝධීව ආයෝජනය කළ බව කියන රුපියල් මිලියන 157.5ක මුදලක් රාජසන්තක කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) අවසර දුන්නේ ය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
පෞද්ගලික බැංකුවක වෙනත් සමාගමක නමකින් මෙම මුදල් තැන්පත් කර තිබී ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූයේ C.S.N නාලිකාවට නීතිවිරෝධීව ආයෝජන කර තිබූ රුපියල් මිලියන 157.5ක මුදලක් ශ්‍රී ලංකා මහබැංකුවේ තැන්පත් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද දිනයේ අවසර ලැබී ඇති බවයි.
COMMENTS