එළබෙන පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට නොමැතිව මනාප ක්‍රමයටම පැවැත්විය යුතු බවත් එසේ නොකළහොත් මහා ජාතිය වන සිංහල ජාතියට අසාධාරණයක් වන බ...
එළබෙන පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට නොමැතිව මනාප ක්‍රමයටම පැවැත්විය යුතු බවත් එසේ නොකළහොත් මහා ජාතිය වන සිංහල ජාතියට අසාධාරණයක් වන බවත් ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ අද (03) හම්බන්තොට ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සීලරතන හිමියන් කියාසිටියේ, "පළාත් පාලන මැතිවරණයට සීමා නිර්ණය කරලා කියලා ෆයිසාල් මුස්තාපා කෑගැහුවත් එ්ක තාම ඉවර කරලා කරලා නෑ. ඒක කරන්න එයාලට පන නෑ. මේ කතා කරනවා වගේම පළාත් පාලන මැතිවරණය වහාම තියලා, මේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ප්‍රාදේශීය සභා හා නගර සභා සභාපතිවරුන්හට බලය අවශ්‍යයි. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මේ පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න කියලා'' යනුවෙනි.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS