පොලිස් ගොඩනැගිලි අලුත්වැඩියා කරන බවට සඳහන් කරමින් ව්‍යාජ කොන්ත්‍රාත්කරුවෙක් ඉදිරිපත් කර රුපියල් මිලියන දෙකකට අධික මූල්‍ය වංචාවක් කළ බවට චෝ...
පොලිස් ගොඩනැගිලි අලුත්වැඩියා කරන බවට සඳහන් කරමින් ව්‍යාජ කොන්ත්‍රාත්කරුවෙක් ඉදිරිපත් කර රුපියල් මිලියන දෙකකට අධික මූල්‍ය වංචාවක් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් ප්‍රධානියෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයපරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
වයඹ පළාතේ පොලිස් කොට්ඨාසයක මෙම මූල්‍ය වංචාව වී තිබේ. එම පොලිස් ප්‍රධානියා මේවන විට වයඹ පළාත් සේවයේ නොමැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස් අධිකාරී කාර්යාලයේත් සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේත් තවත් කාර්යාල කිහිපයකත් අලුත්වැඩියා සඳහා යැයි කියමින් එකී මූල්‍ය වංචාව කර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වන බව එම ආරංචි මාර්ග පැවැසුවේය.
එකී ගොඩනැගිලි අලුත්වැඩියාවට කොන්ත්‍රාත්කරුවෙකු නාමිකව ඉදිරිපත් කරමින් ඔහුගේ නමින් චෙක් පත් නිකුත් කරමින් වංචාව කර තිබෙන බවත් කොන්ත්‍රාත්කරු එවන් අලුත්වැඩියාවකට සම්බන්ධ වී නැති බව සඳහන් කරන බවත් වාර්තා වේ.
මෙහිදී සිදුවී ඇත්තේ පොදු දේපොළ වංචා කිරීමක් බැවින් අදාළ පොලිස් ප්‍රධානියාට එරෙහිව පොදු දේපොළ පනතින් නීතිමය පියවර ගන්නා බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය සඳහන් කරයි.
COMMENTS