දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ
Homeගොසිප්

බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ

PropellerAds

බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ පසුගියදා බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප‍්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමට ලක්...

සිහිසුන්ව ඇද වැටුණු ස්‌වාමියාගේ දිවි ගලවාගන්න සුනඛයෙක් දැරූ වෙහෙස
දළදා මාළිගාවේ පත්තිරිප්පුවට රිදී ද්වාරයක් නිමවා පූජා කළ දානපති යුවළ
Gossip Lanka Events


බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ
මළ සිරුර කෑගල්ලේ


පසුගියදා බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප‍්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් පැහැරගැනීමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර කෑගල්ල රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල -හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයක තිබී ඊයේ සවස හමුවී තිබෙනවා.
දින කිහිපයකට පෙර මරා දමා තිබුණ බවට සැකකරන මෙම මළ සිරුර හමුවන අවස්ථාවේ දුගඳ හමන තත්වයක තිබී ඇති අතර ප‍්‍රදේශවාසීන්
සිරුර ගැන පොලිසියට දැන්වූ පසු
මුලින් අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ බවට සැකකර පරීකත්ෂණ පවත්වද්දී
මීට දින කිහිපයකට පෙර කොළඹ,බම්බලපිටිය ප‍්‍රදේශයෙන් අතුරුදහන් වු කෝටිපති ව්‍යපාරිකයාගේ මළ සිරුරද යන්න ගැන සැකයක් පහළ වී ඔවුන්ට දැන්වීමෙන් පසුව කෝටි පති ව්‍යාපාරිකයාගේ පියා ඇතුළු ඥාතින් පැමිණ සිරුර ඔහුගේ බවට හඳුනාගන්නා ලදි.
මිය ගිය පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ සිටි වස්ත‍්‍ර වලින් සහ ශරිරයේ පැළඳ සිටි ආභරණ මගින්ද,මුහුණ සහ කොණ්ඩය ඔස්සේ මෙ පුද්ගලයා තම පුතණුවන් බවට පියා විසින් කරුණු තහවුරු කර තිබේ.
මෙ ස්ථානයේ දි මෙ පුද්ගලයා ඝාතනය කළාද? නැතිනම් වෙනත් ස්ථානයක සිට ඝාතනය කිරිමෙන් පසුව මෙ ස්ථානයට ගෙනවිත් දැම්මාද ? යන්න තවමත හඳුනාගෙන නැත.

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා නාඳුනන කණ්ඩායමක් විසින් සුලේමාන් නමැති 29 හැවිරිදි ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබුණේ ඉකුත් 21 වැනිදා රාත‍්‍රි 11.30 ට පමණය.
ඉන්දුනීසියාව, ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කීපයකින් රෙදි ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය සුලේමාන් මහතා දෙදරු පියෙකි.
බම්බලපිටිය කොතලාවල ඇවනිව් ප‍්‍රදේශයේ පදිංචිව සිටි සුලේමාන් මහතා 21 වැනිදා රාත‍්‍රි සිය මිතුරකුද සමඟ බම්බලපිටිය ප‍්‍රදේශයේ අවන්හලකින් රාත‍්‍රි ආහාර ගෙන පසුව සිය බිරිඳටද ආහාර රැගෙන නිවසට පැමිණ ඇත්තේ රාත‍්‍රි 11.30 ට පමණය.
එහිදී සුලේමාන් මහතා නිවසේ දොර විවෘත කරන ලෙස බිරිඳට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර බිරිඳ දොර විවෘත කරද්දී නිවස ඉදිරිපිටින් මෝටර් රථයක් වේගයෙන් ධාවනය වී තිබේ.
ඒ අවස්ථාවේ සුලේමාන් මහතාගේ මෝටර් රථය එහි නතර කර තිබූ අතර ඔහු රැගෙන ආ කෑම පාර්සලය සහ අත් ඔරලෝසුව බිම වැටී තිබී ඇත.
ඔහු පැහැරගැනීමට ලක්වූ ස්ථානයට නුදුරින් ලේ පැල්ලම් කීපයක්ද තිබී පොලිසිය සොයාගෙන තිබිණි.
සුලේමාන් මහතා පැහැරගැනීමට ලක්වූ දිනට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 9.00 ට පමණ ඔහුගේ පියාගේ දුරකථනයට කතා කළ නාඳුනන පුද්ගලයකු ඔහු මුදාහැරීමට නම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ලබාදිය යුතු බවට දැනුම් දී ඇත.
කප්පම්කරු ඇමතුම ලබාදුන් දුරකථන අංකය කෑගල්ල ප‍්‍රදේශයේ දුරකථන කුටියයකින් ලබාදුන් එකක් බවට පොලිසිය සොයාගෙන තිබුණි.
මළ සිරුර හමුවූයේද එම ප‍්‍රදේශයේ තිබියදීය.
කෙසේ වෙතත් පැහැරගැනීම අවස්ථාවේ සිට මාධ්‍ය මගින් මේ ගැන තොරතුරු ප‍්‍රචාරයවීම නිසා කප්පම්කරුවන් බියට පත්වී ඔහුව ඝාතනය කළාද යන්න සැකයට භාජනයවී තිබේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ
බම්බලපිටියේ කෝටිපති සුලේමාන්ගේ මළ සිරුර කෑගල්ලේ
http://ift.tt/2bp7990
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_884.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_884.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy