බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහි නඩුව කැඳවීමට කොළඹ මහාධිකරණය අද(02) දින නියම කළේ...
බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධියට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහි නඩුව කැඳවීමට කොළඹ මහාධිකරණය අද(02) දින නියම කළේය.
අදාළ නඩුව අද සලකා බැලූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් අදාළ නඩුව සැප්තැම්බර් මස 20-21 යන දෙදින තුළ කැඳවීමට තීන්දු කළේය.
එදිනට සාක්ෂිකරුවන්ද අධිකරණයට කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් දැනුම් දී තිබේ.
එහිදී අධි චෝදනා ගොනු කර විත්තියට ලබාදිය යුතු ලේඛන කිහිපයක් විත්ති පාර්ශවයට නොලැබුණු බවත් ඒ නිසා සති තුනක කාලයක් ඇතුළත ඒවා විත්තියට ලබාදෙන ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS