මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර මාරුකර ලබාදීමේ සිද්ධියක් වැල්ලවාය, මල්වත්තාවල ජාතික පාසලෙන් වාර්තා වේ. ඒ, ඊ...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර මාරුකර ලබාදීමේ සිද්ධියක් වැල්ලවාය, මල්වත්තාවල ජාතික පාසලෙන් වාර්තා වේ.
ඒ, ඊයේ (15) පැවති ඉංග්‍රීසි විෂය සඳහා උදෑසන ලබාදීමට නියමිතව තිබු පළමු ප්‍රශ්න පත්‍රය වෙනුවට සවස් වරුවේ ලබාදීමට තිබූ දෙවන ප්‍රශ්න පත්‍රය ශාලාධිපතිවරයා විසින් සිසුන්ට ලබාදීම හේතුවෙනි.
මල්වත්තාවල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථාන 03ක් පවතින අතර ශාලා අංක 01 විභාග මධ්‍යස්ථානයේ මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
එම සිදුවීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි අදාළ ශාලාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර අද (16) දිනයේ එම ශාලාවේ විභාග රාජකාරී සඳහා වෙනත් ශාලාධිපතිවරයෙකු අනුයුක්ත කර තිබේ.
මෙලෙසම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය මාරුකර ලබාදීමේ සිද්ධියක් ඊයේ දිනයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් දඹදෙණිය ශ්‍රී පැරකුම්බා මධ්‍ය විද්‍යාලයෙන් ද වාර්තා විය.
COMMENTS