ආර්ථික වශයෙන් ලාභදායි නොවන මත්තල ගුවන්තොටුපොළ ලාභදායි තත්ත්වයකට පත්කිරීමට අදාළව ගත හැකි පියවර පිළිබඳව ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව ජ...
ආර්ථික වශයෙන් ලාභදායි නොවන මත්තල ගුවන්තොටුපොළ ලාභදායි තත්ත්වයකට පත්කිරීමට අදාළව ගත හැකි පියවර පිළිබඳව ඉදිරියේදී යෝජනාවක් ඉදිරිපත් කරන බව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංගමයේ සභාපති ඕ. බර්නාඩ් මහතා පැවැසූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම සංගමයේ නියෝජිතයින් හා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අතර පැවැති සාකච්ඡාවකදි ඔවුන් මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාව වැනි රටකට දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අවශ්‍ය බවත් තමා එහි සංචාරය කළ බවත් ගුවන් තොටුපොළ මූල්‍ය වශයෙන් ලාභදායි තත්ත්වයකට පත්කළ හැකි බවත් ඔහු පැවැසූ බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
COMMENTS