ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු ...
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඔහු අද (10) ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළාය.
ජනාධිපති කාර්යාලය සතු වාහනයක් අවභාවිතයෙන් රජයේ පොදු දේපළට රුපියල් හැත්තෑ එක් ලක්ෂයක හානියක් සිදුකළැයි ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.
පොදු දේපළ අවභාවිතය ඇප දිය නොහැකි වරදක් වන නමුත් සැකකරුගේ දරුවන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය ඔහුට ඇප නියම කළාය.
COMMENTS