උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා ...
උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාට එරෙහිව ද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පළාත් සභාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළකරමිනි.
ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව විශ්‍රාමික විනිසුරුවරුන් 02දෙනෙකු සහ පරිපාලන සේවා නිළධාරීයෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර අමාත්‍යවරුන් පිළිබද විමර්ශනය සිදුකළ යුතු වේ.
එම යෝජනාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ පැවති විවාදයකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා ප්‍රකාශ කොට ඇත්තේ අදාළ විමර්ශනය පළාත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතාට ද අදාළ බවයි.
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට තමන් ද එකඟ වන බව සෙසු පළාත් සභා මන්ත්‍රීවරුන් ද ප්‍රකාශ කර තිබේ.
උතුරු පළාත් සභා සභාපති සී. වී. කේ ෂිවඥානම් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ මේ පිළිබඳ වැඩිදුර විවාදය ලබන 16 වනදා උතුරු පළාත් සභාවේ දී පැවැත්වෙන බවයි.
ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සභාවේ වගකිවයුතු අමාත්‍යංශ ගණනාවක් තම බාරයට පත් කරගනිමින් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
COMMENTS