එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වව්නියාව අධිකරණයේ නඩු පවරා තිබේ. මෙම නඩු...
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වව්නියාව අධිකරණයේ නඩු පවරා තිබේ.
මෙම නඩුව ලබන 10 වෙනිදා පැවැත්වෙන බැවින් ඊට පැමිණෙන ලෙස දයා මාස්ටර් වෙත අද (08) දින සිතාසි යවා ඇත.
මීට පෙරද දයා මාස්ටර්ට හා ජෝර්ජ් මාස්ටර්ට නඩු පවරා තිබූ අතර එම නඩු සම්බන්ධයෙන් ඔවුන් නිවැරදිකරුවන් වූ නිසා නිදොස් කොට නිදහස් කරන ලදී.
දයා මාස්ටර් ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මහතාගේ හිතවත්කම මත ඔහු එම සංවිධානයට එක්ව මුලින්ම භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළේය.
අනතුරුව එල්.ටී.ටී.ඊ.සංවිධානයේ මාධ්‍ය සම්බන්ධිකරන නිලධාරියා වශයෙන් කලක් කටයුතු කොට අවසානයේ දී මාධ්‍ය ප්‍රකාශකයා බවට පත් විය.
දිනසේන රතුගමගේ
COMMENTS