ශ්‍රී ලංකා රජයේ පශු වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් අද (09) සහ හෙට (10) දිනයන්හි ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්...
ශ්‍රී ලංකා රජයේ පශු වෛද්‍ය නිළධාරින්ගේ සංගමය විසින් අද (09) සහ හෙට (10) දිනයන්හි ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනයට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිළධාරීන් ද සහය පළ කරන බව ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවේ උඩවලව ඇත් අතුරු සෙවනේ හා හදිසි රාජකාරි ප්‍රතිකාර කිරීම් හැර වනජීවී පශු වෛද්‍ය නිළධාරීන් විසින් සිදුකරන අනෙකුත් සියළුම රාජකාරි මේ වනවිට ඇණ හිට ඇති බව ඔහු කියාසිටී.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ වනජීවී කේෂේත්‍රයේ රාජකාරි කරන පශු වෛද්‍යවරුන්ට හිමිවියයුතු බොහෝ වරප්‍රසාද බලධාරීන් විසින් අහිමි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යවරයාට ද දැනුම් දී ඇති බවත් ඊට සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණහොත් තම සංගමය ඉදිරියේ දී දැඩි පියවර ගන්නා බවත්ය.
ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවට අනියුක්තව මේ වනවිට සේවයේ යෙදෙන්නේ පශු වෛද්‍යවරුන් 09දෙනෙකු පමණි.
COMMENTS