දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘ජනතාවට කප්පරක් පොරොන්දු දුන් ආණ්ඩුව ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා‘ - මුසම්මිල්  
Homeප්‍රවෘත්ති

‘ජනතාවට කප්පරක් පොරොන්දු දුන් ආණ්ඩුව ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා‘ - මුසම්මිල්  

PropellerAds

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නවතම අල්ලස් චෝදනා විමර්ශන වාර්තාවෙහි ‘මෛත්‍රීපාල සිරිසේන’ යන නම වෙනුවට ‘මහින්ද රාජපක්ෂ’ යන නම සඳහන්ව තිබුනා...

ආගමික ස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමේ අවධානමක් ගැන තොරතුරු (PHOTOS)
මුහුණු ආවරණ භාවිතය තහනම් : ජනපතිගෙන් නියෝගයක්
තෙමහල් නිවසක භූගත බංකරයක් හමුවෙයි.. සැකකරුවෙකු අත්අඩංගුවට.. හිමිකරු කොලඹ ව්‍යාපාරිකයෙක්..[Photo]
‘ජනතාවට කප්පරක් පොරොන්දු දුන් ආණ්ඩුව ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා‘ - මුසම්මිල්  

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ නවතම අල්ලස් චෝදනා විමර්ශන වාර්තාවෙහි ‘මෛත්‍රීපාල සිරිසේන’ යන නම වෙනුවට ‘මහින්ද රාජපක්ෂ’ යන නම සඳහන්ව තිබුනා නම් අද නිහඬව සිටින ශ්‍රී ලංකාවේ මහා දූෂණ විරෝධීන් වන රන්ජන් රාමනායක, වසන්ත සමරසිංහ, මහාචාර්ය සරත් විජේසූරිය, රජිත් කීර්ති තෙන්නකෝන් යන අය මේ වන විට ‘නටන නැටුම්’ බලාගත හැකිව තිබුණු බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. 

අද( 29) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේදී පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කිරීම්වලට භාජනය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

“ආණ්ඩුව වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ලංකාවේ පටන් ගන්නවා කීවත් ඊයේ නිවේදනය කළා ‘ඒක පටන් ගන්නේ නැහැ’ කියලා. මේක මේ ආණ්ඩුව ලබා දුන් විශාලතම පොරොන්දුවක්. මෙවැනි කර්මාන්ත ශාලා මගින් තරුණ තරුණියන්ට රැකියා දශලක්ෂයක් ලබා දෙන බවයි මේ ආණ්ඩුව පැවසුවේ. රැකියා ලබා දීම කෙසේ වෙතත් ආණ්ඩුව දුන් පොරොන්දු නම් කඩකරමින් සිටිනවා. දැන් ඉතා පැහැදිලියි, පසුගිය ඡන්දයේදි මේ ආණ්ඩුව හිතාමතාම බොරු පොරොන්දු දුන් බව.

ආණ්ඩුව කුලියාපිටියෙන් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ඉදි කරලා තරුණ තරුණියන් ලක්ෂ ගණනකට රැකියා ලබා දෙන තෙක් බලා සිටි කොළ අලිපැටවුන්, නිල් අලි පැටවුන්, රතු අලි පැටවුන්ට අපි අපගේ සාතිශය සංවේගය පළකර සිටිනවා. ජනතාවට කප්පරක් පොරොන්දු දුන්නු මේ ආණ්ඩුව අද ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා. ඒ අතරතුර ජනතාව මත අධික බදු බරක් පටවමින් ඉන්නවා. මේ ආණ්ඩුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් FCID වැනි මර්දන ආයතනවලට යවලා සිදු කරන පීඩාවන් හින්දා ඔවුන් අද සේවයෙන් ඉල්ලා අස්වෙන තැනට පත් වෙලා තිබෙනවා. ඒ නිලධාරීන් දෙස සානුකම්පිතව බැලීමටවත් මේ ආණ්ඩුව සූදානම් නැහැ. 

මේ සියලු අඩුපාඩුකම් පෙන්වා දෙන හීලෑ නොවුණු විපක්ෂය හෙවත් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම පමණයි අද මේ ආණ්ඩුවේ එකම කාර්ය බවට පත්වෙලා තිබෙන්නේ. එකම කාරණයට FCIDයට , අල්ලස් කොමිසමට හා ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්වලා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනඥයන් පීඩාවට පත් කිරීම තමයි මේ ආණ්ඩුව කරන්නේ. මෙවැනි ක්‍රියා මගින් අපව බියවැද්දවීමට බැහැ.

විජය රජ්ජුරුවෝ ලංකාවට පැමිණිය දා පටන්ම මෙරට කිසිම රාජ්‍ය නායකයකුට පිටරටකින් අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වී නැහැ. වර්තමාන පාලකයාට එවැනි චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒක රටේත් ජනතාවගේත් ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි මතය රට හමුවේ තැබීම ඔවුන්ගේ වගකීමක්. ඒ වගේම ‘රන්ජන් රාමනායක, සරත් විජේසූරිය, රජිත් කීර්ති තෙන්නකෝන් හා වසන්ත සමරසිංහ වැනි ‘දූෂණ විරෝධීන්’ මේ ප්‍රශ්නයේදී නිහඬ මොකද ?’ කියා අපි අහන්න කැමතියි. මේක ඕස්ට්‍රේලියාවේ පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් කියා ජනාධිපති මාධ්‍ය අංශය ඇඟ බේරගන්න හදනවා. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය මගින් සිදු කරන මහා පරිමාණ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශනයකදී හෙළි වූ කරුණු තමයි මේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය මෙසේ අනාවරණය කළේ. මේ ප්‍රවෘත්තිය ඕස්ට්‍රේලියාවේ සියලු ජාතික මධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබුවා. අද මේ විමර්ශන වාර්තාවේ මහින්ද රාජපක්ෂ කියන නම තිබුනා නම් රන්ජන් රාමනායකලා, සරත් විජේසූරියලා, රජිත් කීර්ති තෙන්නකෝන්ලා, වසන්ත සමරසිංහලා නටන්නේ කොහොමද කියලා කියන්න ඕනේ නැහැ. මහින්ද රාජපක්ෂගේ නම වෙනුවට මෛත්‍රීපාල සිරිසේනගේ නම තිබෙන නිසා මේ මහා දූෂණ විරෝධීන්ගේ කටවල අද පිට්ටු හිර වෙලා” යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘ජනතාවට කප්පරක් පොරොන්දු දුන් ආණ්ඩුව ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා‘ - මුසම්මිල්  
‘ජනතාවට කප්පරක් පොරොන්දු දුන් ආණ්ඩුව ඒවා අමු අමුවේ කඩා බිඳදමනවා‘ - මුසම්මිල්  
http://ift.tt/2bLHQRZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_470.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_470.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy