කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසි...
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් 8 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකොට නඩු පවරා තිබේ.
2015 දෙසැම්බර් 21දා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටියදී අමිල ප්‍රියංග අමරසිංහ නමැති තරුණයා බලහත්කාරයෙන් පැහැරගෙන යාම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බියගැන්වීම ඇතුළු අධි චෝදනා 29ක් යටතේ විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව එම නඩුව පවරා තිබේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැලුම් නිරංජන, මාලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන්, මයිකල් ඇන්ටනී, සංජීව අබේසිරිවර්ධන, ජෙගනාදන් ඇන්ටනී හා ෆායිස් මොහොමඩ් රිස්වාන් යන විත්තිකරුවන් 09 දෙනාට එරෙහිව මෙසේ අධිචෝදනා ගොනුකර ඇත.
COMMENTS