පසුගිය පාලන සමයේ මිග් යානා ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවන්ට අදාළව ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ...
පසුගිය පාලන සමයේ මිග් යානා ගෙන්වීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවන්ට අදාළව ප්‍රධාන ලිපි ලේඛන අතුරුදහන්ව ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද(09) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග විරතුංගට එරෙහිව සිදුකරන පරීක්ෂණවලදී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතා ගැන සෙවීමේදී මෙම ගනුදෙනුවට අදාළ පුමුඛ ලියකියවිලි අත්‍යවශ්‍යව ඇතත්, ඒවා අතුරුදහන්වී ඇති බව පොලීසිය විසින් පෙන්වා දී තිබේ.
එහිදී මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ මෙම ලේඛන අතුරුදහන්වීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.
එම පරීක්ෂණ සිදුකරගෙන යාමේදී ඊට අදාළව වගකිවයුතු අය සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළාය.
COMMENTS