ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ ආ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ ආරාධනා කර තිබේ.
ඒ අනුව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දී ඇත.
කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි දී කියා ඇති අතර ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැතිවරයා පවසයි.
කෙසේ වෙතත් කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සිටියහොත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා පත්‍රය භාරදීමට ගිය අවස්‌ථාවේ ඔහු තමාට පැවැසු බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතාමත් සුහද අයුරින් යුතුව එම ප්‍රකාශය කළ බවද ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
COMMENTS