විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් තීරණය වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටෙන් බාර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඊයේ (16) උතුරේ...
විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් තීරණය වන ඕනෑම තීරණයක් තමන් ඉතා සතුටෙන් බාර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඊයේ (16) උතුරේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසුව තනිකරම එක්සත් ජාතික පක්ෂ රජයක් බිහිකිරීමට ගන්නා උත්සාහය තුළ විපක්ෂනායක ධූරය පිළිබදව ප්‍රශ්නයක් පැන නගින බව උතුරේ මාධ්‍යවේදීන් සම්බන්ධන් මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු එසේ පවසා තිබේ.
තමන්ට අවශ්‍ය වන්නේ නායකත්වයට පත්වීම නොව උතුරු නැගෙනහිර දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වලට ස්ථිර සාර විසදුමක් ලබා දීම පමණක් බව මෙහිදී පවසා ඇති සම්බන්ධන් මහතා තමන්ට ඒ ප්‍රශ්න විසදා ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ඉතාම ප්‍රමාණවත් බවද පවසා තිබේ.
විපක්ෂනායක ධූරය හිමි විය යුත්තේද පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය මත නිසා එම පදවිය හිමිවියයුතු පක්ෂයට එය හිමිවීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව පැවසූ සම්බන්ධන් මහතා තමන් කිසි විටකත් පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට උත්සහ නොකරණ බවද උතුරේ මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS