පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමයෙහි නීති විරෝධී ලෙස අලි පැටවකු තබාගැනීමේ සිද්ධියට සැකපිට නඩුවකට මුහුණ දී සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ...
පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමයෙහි නීති විරෝධී ලෙස අලි පැටවකු තබාගැනීමේ සිද්ධියට සැකපිට නඩුවකට මුහුණ දී සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීම සඳහා ඉඩ ලබාදෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ, ධම්මාලෝක හිමියන්ට එංගලන්තයේ ධර්ම දේශනාවක් සඳහා ලබන මස 03වනදා සිට 07වනදා දක්වා විදෙස් ගතවීමට අවසර ලබාදෙන ලෙස උන්වහන්සේගේ නීතීඥයන් මෝසමක් මාර්ගයෙන් අවසර ඉල්ලා සිටි අවස්ථාවේදියී.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට දිනයේදී අධිකරණයට දැනුම් දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥයන් කියා සිටියේය.
නීති විරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ උඩුවේ ධම්මාලෝක හිමියන් මේ වනවිට ඇප මත මුදාහැර සිටින අතර උන්වහන්සේගේ ගුවන් ගමන් බලපත්‍රය මේ වනවිට අධිකරණය භාරයේ ඇත.
මෙම මෝසම විභාගය හෙට දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
COMMENTS