වව්නියාවේ ඉදිකිරීමට නියමිත වූ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය දෙකට වෙන් එකක් වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේත්, තවත් එකක් මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේ...
වව්නියාවේ ඉදිකිරීමට නියමිත වූ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය දෙකට වෙන් එකක් වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේත්, තවත් එකක් මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේත් ඉදිකිරීමට පියවර ගන්නා බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (15) වව්නියාවේ හා මාන්කුලම්හි අදාල ආර්ථික වෙළඳ මධ්‍යස්ථාන ඉදිකරන ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙම අවස්ථාවට වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද සහභාගී වූ අතර අමාත්‍යවරුන් දෙදෙනා හා උතුරු පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල නිලධාරීන් සමග පළමුව වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වව්නියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතාගේද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවති අතර පසුව අදාල ප්‍රදේශයන් නිරීක්ෂණය කිරීමට පියවර ගැනුණි.
මීට පෙර ආර්ථික මධ්‍යස්ථානය වව්නියාව තාභ්ඩික්කුලමේ හෝ ඕමන්ත ප්‍රදේශයන්හි ඉදිකිරීමට යෝජනා වී තිබුනත්, පැවති දේශපාලනික ගැටලු හේතුවෙන් එම ප්‍රදේශ දෙකම හැර වෙනත් ස්ථානයක ආර්ථික මධ්‍යස්ථානය ඉදිකිරීමට පියවර ගෙන ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේ “මේවන කොට යාපනයේ කිලිනොච්චි මේ වගේ ආර්ථික මධ්‍යස්ථාන හදල තියනවා. ඉදිරියේදී වව්නියාවෙත් මන්නාරමෙත් හා මාන්කුලමෙත් හදන්න පියවර අරන් තියෙන්නේ මේ වගේ රට පුරාම අපි හදනවා. උතුරේ ප්‍රධාන ඇමතිතුමත් මේකට එකගතාවය ලිඛිතව හා වාචිකව පල කරල තියනවා. මම හිතන්නැහැ ආර්ථික මධ්‍යස්ථානයක් හින්දා දෙමළ දේශපාලන පක්ෂ ගැටලු ඇති කරගනියි කියල. රිෂාඩ් ඇමතිතුමාගෙයි උතුරු මහඇමතිතුමාගෙයි ආශිර්වාද පිට තමයි මේ ස්ථානයේ අපි ඉදිකරන්නේ. මේ වසරේ ඉදිකිරීමට අපි රුපියල් මිලියන 200 ක් වෙන කරල තියෙන්නේ. යම් හෙයකින් ඉදිරි මාස කිහිපයේදී ඉදිකිරීම් කටයුතු කරන්න බැරි වුනොත් ලබන වසරේ සම්පූර්ණයෙන්ම අංග සම්පූර්ණව අවසන් කරනවා.“ යනුවෙනි.
COMMENTS