දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්
Homeප්‍රවෘත්ති

පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්

PropellerAds

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන 0 1 වැනිදා දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභ...

පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්

ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන 01 වැනිදා දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයන් හදිසියේ කොළඹට කැඳවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ඊයේ (31) පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැඳවීම නිසා මන්ත්‍රීවරුන් අනාරක්ෂිත වී ඇතැයි ද එලෙස අනාරක්ෂිත කිරීමට හේතුව නොදන්නේ යැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.

 “අපි පාද යාත්‍රාවේ නුවර සිට කොළඹට එන්නේ පැරදුණු දිස්ත්‍රික්ක හතරක් පසු කරමිනුයි. පැරදුණු දිස්ත්‍රික්ක හරහා පා ගමන් යන්නේ ඇයි දැයි බොහෝ දෙනකු විමසුවා. පැරදුණු දිස්ත්‍රික්කවල ජනතාවගේ අද තත්ත්වය, දැන ගැනීමයි අපේ අරමුණ. පසුගිය ඡන්දයේදී අපට විරුද්ධව ඡන්දය දුන් බොහෝ දෙනකු දැන් පසුතැවෙනවා. පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසන් වන විට ලක්ෂ දහයක ජනතාවක් ඊට සහභාගි වී තිබුණා.

ආණ්ඩුව අපට විවිධ බාධා කළා. වෙනත් කෙනකුට කන්න තිබුණු තණකොළ ටික ගෙනත් කිරිබත්ගොඩ එල්ලුවා. ජනමාධ්‍යයට බලපෑම් කළා. මාධ්‍යවේදීන් උද්යෝගයෙන් පාගමන ආරම්භ කළා. නමුත් ආණ්ඩුවේ බලපෑම උඩ සමහර මාධ්‍ය ජනතාව සිටින ඡායාරූප පළ කළේ නැහැ. සමහර මාධ්‍ය බාර්වලට යන ගණන බලන්න සුරාසැල් ගාව බලා සිටියා. ආණ්ඩුවට තමන්ගේ වැරැදි හදාගන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබෙනවා නම් අපට මඩ ගසමින් අවලාද නගමින් ඉන්නේ නෑ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පමණක් ප්‍රභූ ආරක්ෂකයන් සදුදා (01) කොළඹට කැඳවලා. අපි නිල වශයෙන් වෙන් කර ගත් හයිඩ් පිටියේ වළවල් කපන්න අරගෙන. අපට දි තිබුණු ශබ්ද විකාශන යන්ත්‍රය පොලිසියෙන් නැවත අරගත්තා.

මේ රටේ හිටපු පොලිස්පතිලා වැඩ කරන නිහඬ චරිත. මරදානේ චොප්පේ වගේ නෙමෙයි. පූජිතට අපි කියනවා ඔය නිල ඇඳුම ගලවලා වික්‍රමසිංහගේ කොළ කමිසය ඇඳගන්න කියලා. හිටපු පොලිස්පතිලාගේ කීර්තිනාමයත් මේ පොලිස්පති වනසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කීර්තිමත් ලේකම්වරයකුගේ පිළිරුවට මල්මාලා දමන්න දොඹකරයක් ගත්තැයි කියමින් සංවිධායකයෙක් අත්අඩංගුවට ගත්තා. අපි දොඹකරය ගත්තේ බලපත්‍ර සහිතවයි. ශ්‍රිලනිප සභාපති ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක එහි හිටපු ලේකම්වරයකුට ගෞරව කරන්නත් බෑ. මේ පා ගමන විනයානුකූලව ආ පා ගමනක්. අද වනතුරු ගැටලුවක් වුණේ නෑ. අපි සදුදා (01) කොළඹට එනවා. හොඳම තැනට යනවා. “

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්
පාද ගමනේ ගිය මන්ත්‍රීන්ගේ ප්‍රභූ ආරක්ෂකයින් කොළඹට කැඳවලා - විමල්
http://ift.tt/2aqgTAI
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy