මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර අද (13) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය. පසුගිය 08 වනදා කුඹල් පෙරහර ආරම්...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර අද (13) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතය.
පසුගිය 08 වනදා කුඹල් පෙරහර ආරම්භ වූ අතර එය අවසන් වූයේ ඊයේ (12) රාත්‍රියේය.
මේ අතර මහනුවර ඇසල පෙරහර නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අද සිට මෙම මස 18 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට විශේෂ දුම්රිය 11ක් පෙරහර නරඹන බැතිමතුන් වෙනුවෙන් එක් කර ඇති බවයි.
ඒ අනුව කොළඹ කොටුවෙන්, මහනුවරින්, නාවලපිටියෙන් සහ මාතලේ යන දුම්රිය ස්ථානවලින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටී.
COMMENTS