භික්ෂූන් වහන්සේලා 81නමක් 2015 වසරේ ජනවාරි මාසයේ 08වෙනිදා සිට 2016 වසරේ මාර්තු 31වනදා දක්වා කාලයේදී රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අධිකරණ හා ...
භික්ෂූන් වහන්සේලා 81නමක් 2015 වසරේ ජනවාරි මාසයේ 08වෙනිදා සිට 2016 වසරේ මාර්තු 31වනදා දක්වා කාලයේදී රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත භික්ෂූන් 08දෙනෙක් ද බලපත්‍ර නොමැති අලි පැටවකු ලඟ තබාගත් එක් භික්ෂුවක් ද ඒ අතර වන බව අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ විවිධ අපචාර, නිදන් හෑරීම ඇතුළු චෝදනා සෙසු භික්ෂූන්ට ඇති බවයි.
COMMENTS