පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවන ලද වාර්තාවට ඇතුළත් ආයතන 19 ද සමග කැඳවූ මුළු ආයතන 35ම එහි ප්‍රගති...
පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවන ලද වාර්තාවට ඇතුළත් ආයතන 19 ද සමග කැඳවූ මුළු ආයතන 35ම එහි ප්‍රගතිය සම්බන්ධයෙන් පුද්ගලිකව සෑහීමට පත්විය නොහැකි බව කෝප් සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
වංචා, දූෂණ, අවිධිමත් පත්වීම් ආදිය පමණක් නොව බොහෝවිට ඒ ඒ ආයතනයට අදාළව පවත්නා කාර්යසාධනය හෝ නිසි ලෙස ළඟාකර ගැනීමට සමත් නොවීම කෙරෙහි පවා අවධානය යොමුවූ බව හදුන්නෙත්ති මහතා පෙන්වා දෙයි.
කෝප් කමිටුව පත්වී අප්‍රේල් 08 දක්වා වූ කාලය තුළ පමණක් කැඳවන ලද ආයතන 19ට අදාළව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ සංක්ෂිප්ත අතුරු වාර්තාවක් පමණක් බවත්, ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙන්ම ඒ ඒ ආයතනවලට අදාළව වෙන වෙනම වාර්තා ඉදිරිපත් කිරීම දක්වා කෝප් කමිටුවේ කටයුතු වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
හදුන්නෙත්ති මහතා මේ බව පැවසූයේ ඊයේ (09) කෝප් අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවේදීය.
ලංකා බැංකුව, විදුලිබල මණ්ඩලය, රක්නා ලංකා ආරක්ෂක සේවා ආයතනය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා මහබැංකුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව,ජාතික චිත්‍රපට සංස්ථාව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඇතුළත් වන පරිදි මෙවර අතුරු වාර්තාවට කරුණු ඇතුළත් බව ඔහු සිහිපත් කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෝප් කමිටු වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දැක්වීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලින් යම් යම් බාධා පවතින බවත් ඒවා සංශෝධනය කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම වාර්තාව කථානායකවරයාට බාරදුන් පසුව අදාළ ආයතන බාර අමාත්‍යංශ ලේකම්වරුන් සමග ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ඇත්තේ කථානායකවරයාට බව ඔහු අවධාරණය කළේය.
මෙවන් වාර්තාවක් ඉදිරිපත් වූ පමණින් රටේ වංචාව, දූෂණය, අක්‍රමිකතා, නාස්තිය මුළුමනින්ම නැවැත්වීමට හැකියාවක් නැති බවත් එසේ වුවද ඒ සඳහා උත්සාහයක් ගැනීමට හැකියාව පවතින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.
එම වීඩියෝව පහතින් නරඹන්න
COMMENTS