ඊයේ (30) සවස අම්පාර, වඩිනාගල ගම්මානය හරහා හමා ගිය සුළි සුළඟක් නිසා නිවාස 20කට දැඩි අලාභ හානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ඊයේ සව...
ඊයේ (30) සවස අම්පාර, වඩිනාගල ගම්මානය හරහා හමා ගිය සුළි සුළඟක් නිසා නිවාස 20කට දැඩි අලාභ හානි සිදුව තිබේ.
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ඊයේ සවස 5.00ට පමණ ඇතිවූ මෙම සුළං තත්ත්වය විනාඩි දෙකක පමණ කාලයක් පැවති බවයි.
මෙම සුළඟ නිසා වැඩිම හානියක් සිදුව ඇත්තේ වඩිනාගල ජයන්ති වැව ධීවර සමිතියට බව එහි ධීවරයින් පවසයි.
ධීවර සමිති ගොඩනැගිල්ලේ වහලයට හානි සිදුව ඇති අතර ධීවර ඔරු කිහිපයක් ද අතුරුදන් වී තිබේ.
එම ගම්මානයේ ග්‍රාම නිළධාරීවරයා ප්‍රකාශ කළේ ගම්මානයේ නිවාස දෙකක වහල සම්පුර්ණයෙන්ම ගැලවී ගොස් ඇති බවත් අනෙක් නිවාස වලට අර්ධ හානි සිදූව ඇති බවත්ය.
මාර්ගවල වැටී තිබු ගස් කපා ඉවත් කිරිම ග්‍රාම නිළධාරීවරයාගේ මැදිහත්වීමෙන් ගම්වැසියන් විසින් සිදු කර තිබේ.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ එම ප්‍රදේශයට පැමිණි දමන ප්‍රාදේශීය මහ ලේකම් සොයිසා සිරිවර්ධන මහතා විපතට පත් පවුල් සදහා දින 02ක වියලි සහනාධාරයක් ලබා දිමට පියවර ගෙන ඇත.
ඡායාරූප පහතින්.
අම්පාර - වසන්ත චන්ද්‍රපාල
COMMENTS