නරක් වී ඇත්තේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බැවින් අලුත් ජනතාවක් පත්කර ගැනීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවස...
නරක් වී ඇත්තේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බැවින් අලුත් ජනතාවක් පත්කර ගැනීම සිදුකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
දේශපාලනඥයින් යනු යක්කු හෝ දුරින්භූත කළ යුතු කොටසක් නොවන බවත් ලංකාවේ නරක දේශපාලනඥයින් නොමැති බවත් දේශප්‍රිය මහතා පෙන්වා දුන්නේය.
ඔහු මේ බව පැවසූයේ ඊයේ (28)මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
තරුණ නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවකින් ඉදිරිපත් කරන ලද නිර්දේශ අනුව මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ පද්ධති සඳහා වන අන්තර්ජාතික පදනම එක්ව Youth Vote SL නමින් 2016 අගෝස්තු මස 5වන දින සිට 2016 අගෝස්තු 12 දක්වා දින 7ක ජාතික සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කරලීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
තරුණ පිරිසට අතදීමෙන් ඔවුන්ගේ අදහස් උදහස් ලබාගැනීමෙන් ජනතාව අලුත් කළ හැකි බව තමන් විශ්වාස කරන වග හෙතෙම සඳහන් කළේය.
මෙහිදී පළාත් පාලන මැතිවරණය තාමත් පවත්වන්නට හැකි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ පැවත්විය යුතු මැතිවරණය මැතිවරණ කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවට පනතක් සම්මත කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
සීමා නීර්ණය තුළින් කොට්ඨාස වෙන්කොට ඊට අදාළ මූලික කටයුතු සිදුකරන්නට මත්තෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය කෙරෙන පනත ගෙනවිත් බලාත්මක කිරීම නිසා මෙම ගැටළුව ඇතිවුණු බව තමන් අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇති බව ඔහු සඳහන් කළේය.
මෙම පනතේ පවත්නා තාක්ෂණික දෝෂ 46ක් ගැන තමන් පෙන්වාදී ඇතත් ඒවාටද තවමත් විසඳුමක් නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS