දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිඳු හානියක් නෑ'
Homeප්‍රවෘත්ති

'නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිඳු හානියක් නෑ'

PropellerAds

මෙරට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම පිළිබඳ සඳහන් ඡේද ඉවත් කරමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසන බවට ගෙනයන ප‍්‍රචාර සම්පූර්ණයෙන් ...

නිවාඩු දිනයන් ගැන රජයෙන් ප්‍රකාශයක්
ජනපති අගමැති සියළු ජනහමු අත්හිටුවයි.. පොහොට්ටු ජනහමුත් සියල්ල නවත්වයි..
ජපුර සරසවිය කොරෝනා පරීක්‍ෂණවලින් ඉවත් වෙයි.. ආසාදියන් යයි තහවුරු වන අය රජයේ වාර්තාවෙන් ඉවත් කරනවාලු..
'නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිඳු හානියක් නෑ'

මෙරට පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගම පිළිබඳ සඳහන් ඡේද ඉවත් කරමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසන බවට ගෙනයන ප‍්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ගෞරවනීය මහා සංඝරත්නයට හෝ බෞද්ධාගමට හානියක් වන කිසිදු ආකාරයේ කි‍්‍රයාමාර්ගයක් රජය නොගන්නා බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 27වනදා පස්වරුවේ මහනුවර, ගැටඹේ මහානාම විදුහල් ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය ජාතික පිරිවෙන් දින සැමරුම් උළෙල අමතමිනි.

බෞද්ධ ජනතාව ප‍්‍රමුඛ සියලු ආගමිකයින්ට සහ සියලු ජන කොටස්වලට පිළිගත හැකි නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම තුළින් අපේක්ෂා කරන්නේ රටේ ප‍්‍රශ්න විසඳීම විනා අලුත් ප‍්‍රශ්න නිර්මාණය කිරීම නොවන බව ද කියාසිටියේය.

එමෙන්ම රට බෙදන සහ රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වාධීනත්වයට හානිවන කිසිදු කරුණක් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ සඳහන් නොවන බවත් ඒ පිළිබඳ ඇතැමුන් ගෙන යන අසත්‍ය ප‍්‍රචාර ජනාධිපතිවරයා ලෙස මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.

 ඔහු වැඩිදුරටත් කියාසිටියේ රජය නිරන්තරයෙන් සාකච්ඡා කරමින් රටට ගැළපෙන, සියලුදෙනාට සාධාරණ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට කැපවී සිටින බවයි.

රටේ පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම අඩු පහසුකම් සහිත වෙහෙර විහාරස්ථාන වැඩිදියුණු කිරීම වෙනුවෙන් ද රජය වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර තිබෙන බව පැවසූ ඒ මහතා බෞද්ධාගමේ ඉදිරි ගමන් මග වෙනුවෙන් රජයෙන් ඉටු විය යුතු වගකීම් නිසි අයුරින්ම ඉටු කරන බව ද අවධාරණය කළේය.

'සසුනට දිරි දෙන සුරකිමු පිරිවෙන' මැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික පිරිවෙන් දින සැමරුම් රාජ්‍ය මහෝත්සවය සංවිධානය කර තිබූ අතර පිරිවෙන් ඇගයීමේ ස්වර්ණ සම්මාන ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක ස්වාමින් වහන්සේ, මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි නායක ස්වාමින් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවේණාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ, පිරිවෙන් අධ්‍යක්ෂ මහාචාර්ය නාබිරිත්තංකඩවර ඥානරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිඳු හානියක් නෑ'
'නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිඳු හානියක් නෑ'
http://ift.tt/2aBPkWY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy