හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාවේ දෙවන දිනය අද (29)යි. ඊයේ (2...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ලද පාද යාත්‍රාවේ දෙවන දිනය අද (29)යි.
ඊයේ (28) පේරාදෙණිය මංසන්ධියෙන් ආරම්භ කළ පාද යාත්‍රාව අවසන් කෙරුණේ මාවනැල්ල, ගනේතැන්න නගරයෙනි.
පළමු දිනයේ දී මාවනැල්ල නගරයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබූ පාද යාත්‍රාව ගනේතැන්න නගරයෙන් අවසන් කළේ පොලීසිය ලබාගෙන තිබූ අධිකරණ නියෝග හේතුවෙනි.
ඒ අනුව අද පාද මාවනැල්ල - උතුවන්කන්ද ප්‍රදේශයෙන් ආරම්භ කරන අතර එය ලබන අගෝස්තු මස පළමුවැනිදා කොළඹට ළඟාවීමට නියමිතය.
COMMENTS