පසුගිය 25වනදා අම්බලන්තොට නගරයේ තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 32දෙනෙක් ලබන අගෝස්ත...
පසුගිය 25වනදා අම්බලන්තොට නගරයේ තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු 32දෙනෙක් ලබන අගෝස්තු මස 01වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තබන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් විනිසුරු මංජුල කරුණාරත්න මහතා නියෝග කොට තිබේ.
ඒ, ඊයේ (28) එම පිරිස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ කරබගලමුල්ල, ගොඩකොග්ගල්ල යන ග්‍රාම නිලධාරි වසම් 02ක ජනතාව පානිය ජලය ඉල්ලා පසුගිය 25 වනදා පෙරවරු 11.00 සිට සවස 3.00 පමණ වෙනතෙක් පැය 4ක පමණ කාලයක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයෙන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියැළිණි.
විරෝධතාවය නිසා ඇතිවූ වාහන තදබදය අවම කිරීමට ගිය අම්බලන්තොට පොලිසියේ නිලධාරින් හා විරෝධතාකරුවන් අතර සුළු ගැටුම්කාරී තත්ත්වයක් එහිදී ද ඇතිවිය.
ඒ අනුව විරෝධතාවයේ නියැළි පුද්ගලයින්ට අයුතු ජනරාශිය, මහජන පීඩාව, අනර්ථය යන කාරණා යටතේ චෝදනා ගොනුකර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අම්බලන්තොට පොලීසිය පියවර ගෙන තිබුණි.
ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව කියාසිටින්නේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්ත ද තම ප්‍රදේශයේ පානිය ජල ප්‍රශ්නය තවමත් විසඳී නොමැති බවයි.
මේ වනවිට පවුල් 540ක පුද්ගලයින් 2500ට වැඩි සංඛ්‍යාවක් පානිය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටී.
COMMENTS