දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සලේගේ තත්වය හොද නෑ... හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ බැවින්, ඔහුට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඔහුගේ බිරිඳ වන මනෝරි සලෙයි මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය පෙන්වා දෙන්නේ, පසුගිය ජුනි 07 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන තම සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය රඳවා තබා ගැනීමේ කාලය තුළදී සීඝ්‍රයෙන් පිරිහී ගොස් ඇති බවයි.

රඳවා තබා ගැනීමට එරෙහිව ඔහු දියත් කළ උපවාසයක් හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහුට විශේෂ ශල්‍යකර්මයක් මගින් හෘද ස්පන්දනය පාලනය කරන උපකරණයක් (ICD) සවි කර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

සලෙයි මහත්මිය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් පහත කරුණු ඉල්ලා සිටියි.

1. දැනට පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය එහි කාලය අවසන් වූ පසු තවදුරටත් දීර්ඝ නොකිරීම.

2. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් නොකර, අධිකරණ අධීක්ෂණය යටතේ පවතින රිමාන්ඩ් බන්ධනාගාර භාරයට පත් කිරීම.

3. ඔහුගේ හෘද රෝගී තත්ත්වය සලකා බලා අඛණ්ඩව විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සැලසීම.

තම සැමියා හෝ පවුලේ සාමාජිකයන් කිසිදු ආකාරයකින් නීත්‍යානුකූල පරීක්ෂණවලට බාධා කිරීමට අදහස් නොකරන බවත්, ඕනෑම විමර්ශනයකට පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඇය අවධාරණය කර ඇත.

වර්තමාන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක, මානුෂීය පදනම මත පිහිටා තම සැමියාගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඇය ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පවතින බරපතළ සෞඛ්‍ය තත්ත්වය හමුවේ ඔහුව යළිත් සාමාන්‍ය සිර මැදිරියක රඳවා තැබීම ඔහුගේ ජීවිතයට ආපසු හැරවිය නොහැකි බරපතළ හානියක් විය හැකි බවද සලෙයි මහත්මිය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30398,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සලේගේ තත්වය හොද නෑ... හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි
සලේගේ තත්වය හොද නෑ... හෘද ස්පන්දනය පාලනයට උපකරණයක් සවි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg02hUrh8hKsdwlvG8IG4e980uFKpZSWtHR2Ob0KW-VZb1z8wDO3NZnU7GbAECZ0u2u_IzAdiLsrh638jhACRbIlGQ86UVd1-3_PX9mDFPoFiFD4OhV-7UF3eGHEIwopK0BxuGVSLt4mAmXvsmoRozRRDiGNfdR_xYMTA0cMJdYUBACY1KgXrC8LXAzsluA/s320/image.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg02hUrh8hKsdwlvG8IG4e980uFKpZSWtHR2Ob0KW-VZb1z8wDO3NZnU7GbAECZ0u2u_IzAdiLsrh638jhACRbIlGQ86UVd1-3_PX9mDFPoFiFD4OhV-7UF3eGHEIwopK0BxuGVSLt4mAmXvsmoRozRRDiGNfdR_xYMTA0cMJdYUBACY1KgXrC8LXAzsluA/s72-c/image.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/08/blog-post_22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/08/blog-post_22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy