දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ranil wickramasinghe

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඉදිරි වසර දෙකක කාලය ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නංවා ගැනීමට අපොහොසත් වුවහොත්, 2028 වසර අවසානයේදී මෙරට...

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඉදිරි වසර දෙකක කාලය ඇතුළත ඇමරිකානු ඩොලර් බිලියන 15 දක්වා ඉහළ නංවා ගැනීමට අපොහොසත් වුවහොත්, 2028 වසර අවසානයේදී මෙරට දරුණුතම ආර්ථික යුද්ධයකට මුහුණ දෙනු ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රචිත “යුද දෙකකට උර දී” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මහ බැංකු වාර්තාවලට අනුව මේ වසර අවසානය වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළද, 2028 දී ණය ගෙවීම් ආරම්භ කිරීමට නම් එය බිලියන 15ක් දක්වා වැඩි විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් ඉතිරි ඩොලර් බිලියන 7 සොයා ගැනීම සඳහා වත්මන් රජය සතුව කිසිදු පැහැදිලි වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බව වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය ආර්ථික අර්බුද අවස්ථාවේදී ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් සහ බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 100ක සහාය ලැබුණු බවත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානය වැනි රටවල් ලබාදුන් සහාය මත රට ස්ථාවර කළ බවත් ඔහු සිහිපත් කළේය.

2027 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ගිවිසුම අවසන් වන බැවින්, ඉන් අනතුරුව රටේ ආර්ථිකය මෙහෙයවන ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්ථික පරිවර්තන පනත වැනි වැදගත් නීතිමය රාමුවලින් බැහැරව කටයුතු කිරීමෙන් රට යළිත් බංකොලොත් භාවයට පත්වීමේ අවදානමක් පවතින බවත්, පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත මේ පිළිබඳව නිසි සංවාදයක් ගොඩනැගී නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

2028 වසරේදී එළඹෙන මෙම තීරණාත්මක ආර්ථික අභියෝගයට සාර්ථකව මුහුණ දීමට නම් විදේශ ආදායම් මාර්ග කඩිනමින් පුළුල් කරගත යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30391,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ranil wickramasinghe
ranil wickramasinghe
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG9iA5pec4twTmW6p6LUZioHNjMBUTabiburbFrdYtY03hV4F4m6Api8PBjpcvL6yrE_1HiTZImtPSMhA7XK6tdUPb9rT2k6YAPNqlQrF99r7kl_FqbY3QZx03xogJsg-GIlq0uG9ty16dGBw1XUGJgtbQnwMySzmsXjSFFnNbhYkJpdBB-1gJGOz0zTyU/s320/ranil2.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiG9iA5pec4twTmW6p6LUZioHNjMBUTabiburbFrdYtY03hV4F4m6Api8PBjpcvL6yrE_1HiTZImtPSMhA7XK6tdUPb9rT2k6YAPNqlQrF99r7kl_FqbY3QZx03xogJsg-GIlq0uG9ty16dGBw1XUGJgtbQnwMySzmsXjSFFnNbhYkJpdBB-1gJGOz0zTyU/s72-c/ranil2.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/08/ranil-wickramasinghe.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/08/ranil-wickramasinghe.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy